තැනින් තැනින් මතුවන මළ සිරුරු

නෙළුක්කුලම සහ මොරටුව පොලිස් වසම්වලින් නාඳුනන මෘත ශරීරයක් දෙකක් හමුව තිබෙනවා.

 පොලිසිය පැවසුවේ, ඊයේ (01) මෙම  සිරුරු සොයාගත් බවයි.

නෙළුක්කුලම පොලිස් වසමේ තම්පනෙයි පුලියන්කුලම් වැව ආසන්නයේ පාළු ඉඩමක නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් තිබී සොයාගෙන තිබෙනවා.

මෙම මරණවල අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැත.

මෘත ශරීරය මුලතිව් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර නෙළුක්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

එමෙන්ම මොරටුව  පොලිස් වසමේ කොරලවැල්ල පොල්වත්ත ප්‍රදේශයේ මුහුදු තීරයේ නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් තිබී හමුව තිබෙනවා.

එම මෘතදේහයේ අනන්‍යතාවයද මෙතෙක් තහවුරු වී නැත.

What's your reaction?

Related Posts

1 of 943

Leave A Reply

Your email address will not be published. Required fields are marked *