තැපැල් ගාස්තු හෙට සිට ඉහළට!

හෙට, එනම් පෙබරවාරි 09 වන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි තැපැල් ගාස්තු ඉහළ නැංවීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව, අවම තැපැල් ගාස්තුව රුපියල් 70/- දක්වා වැඩිවන බවත්, මෙම සංශෝධිත ගාස්තු ව්‍යුහය වහාම ක්‍රියාත්මක වන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. තැපැල් සේවා ගාස්තුවල සිදුකරන පුළුල් සංශෝධනයක කොටසක් ලෙස මෙම තීරණය ගෙන ඇති අතර, අනෙකුත් ගාස්තු වෙනස්වීම් පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය කර නොමැත. හෙට සිට තැපැල් සේවා භාවිතා කිරීමේදී මෙම නව ගාස්තු පිළිබඳව අවධානය යොමු කරන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,004

Leave A Reply

Your email address will not be published. Required fields are marked *