​තෛයිඩ්ඩි තිස්ස රජමහා විහාරය අසල විරෝධතාවයේ යෙදුණු පස්දෙනෙකුට ඇප!

යාපනය තෛයිඩ්ඩි තිස්ස රජමහා විහාරය අසල අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස ඒකරාශී වී විරෝධතාවයේ නිරාහාරව සිටි පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන මල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබේ. මල්ලකම් මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය පරිදි මොවුන් 2026 ජනවාරි 26 වන දින යළි අධිකරණයේ පෙනී සිටිය යුතු බව පොලිසිය සඳහන් කරයි.​විහාරස්ථානයට බාධා වන පරිදි මාර්ග අවහිර කිරීම්, බැනර් ප්‍රදර්ශනය කිරීම්, අනවසර කූඩාරම් ගැසීම් හෝ කිසිදු ආකාරයක උද්ඝෝෂණයක් සිදුකිරීම තහනම් කරමින් අධිකරණය නිකුත් කර තිබූ නියෝගය නොසලකා හැරීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත. විහාරස්ථානයට අයත් ඉඩම් ආරවුලක් මුල් කරගනිමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබූ බව පොලිසිය පවසයි.​අධිකරණ නියෝග නොතකා මාර්ග අවහිර කරමින් අශෝභන ලෙස හැසිරීම සහ නීතිවිරෝධී විරෝධතාවයක නිරත වීම හේතුවෙන් පොලිසිය මෙම පියවර ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

What's your reaction?

Related Posts

1 of 901

Leave A Reply

Your email address will not be published. Required fields are marked *