දකුණු අප්‍රිකාවට කඩුලු 3ක ජයක්; බංග්ලාදේශය – නවසීලන්තය අද

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වීමට නියමිතය.​ඒ, බංග්ලාදේශ සහ නවසීලන්ත කණ්ඩායම් අතර, ඉන්දියාවේ ගුවහාටිහිදී ය.​දකුණු අප්‍රිකා කණ්ඩායමට කඩුලු 3ක ජයක්​ ලබාගත් අතර, තරගාවලියේ පැවැති තවත් තරගයකින් දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 3කින් ජයග්‍රහණය වාර්තා කළේය.​තරගාවලියේ 10 වැනි තරගය වූ මෙය, ඉන්දීය කණ්ඩායම සමග විසාකාපට්නම්හිදී පැවැත්වුණි.​ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම, සියලු දෙනා දැවී ලකුණු 251ක් රැස් කළේය.​ලකුණු 252ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායම, පන්දුවාර 48යි පන්දු 5ක් තුළ කඩුලු 7ක් දැවී සිටියදී තරගය ජය ගත්තේය

What's your reaction?

Related Posts

1 of 410

Leave A Reply

Your email address will not be published. Required fields are marked *