දකුණු කොරියාවේ කම්හලක ඇති වූ ගින්නකින් 16 දෙනෙකු ජීවිතක්ෂයට

දකුණු කොරියාවේ බැටරි කම්හලක ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම ගින්නෙන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර, 5 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි සඳහන් වන්නේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ කම්කරුවන් 100කට වැඩි පිරිසක් මෙම ගින්න හට ගන්නා අවස්ථාවේ දී එම ස්ථානයේ වැඩ කරමින් සිට ඇතිබවයි.

එරට බලධාරීන් විසින් අනතුරු ඇඟවීම් මාලාවක් නිකුත් කරන ලද අතර, ගින්නෙන් ඇති වන දුමාරය හේතුවෙන් පුද්ගලයින්ට ගෘහස්ථව රැඳී සිටින ලෙසත්, ජනෙල් වසා ගන්නා ලෙසත් මහජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *