දකුණු සහ නැගෙනහිර මුහුදු තීරයේ රළු ස්වභාවයක්!

ගාල්ලේ සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා විහිදෙන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු කලාපවල සන්ධ්‍යා කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සාමාන්‍යයෙන් මෙම ප්‍රදේශවල සුළඟ නිරිත දෙසින් හෝ විවිධ දිශාවලින් පැයට කිලෝමීටර් 20-30ත් අතර මධ්‍යස්ථ වේගයකින් හමා යන අතර, දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ බොහෝ දුරට සාමාන්‍ය ස්වභාවයක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.​කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි වර්ධනය වන අවස්ථාවලදී එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ක්ෂණිකව ඉහළ යාමට ඉඩ ඇති බැවින් මුහුද තාවකාලිකව ඉතා රළු විය හැකිය. මේ හේතුවෙන් මුහුදු යාත්‍රා කරන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව විමසිලිමත් විය යුතු බව කාලගුණ බලධාරීන් අවධාරණය කරයි. හදිසි තද සුළං තත්ත්වයන් හමුවේ ආරක්ෂිත පියවර අනුගමනය කිරීම වැදගත් බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

What's your reaction?

Related Posts

1 of 1,082

Leave A Reply

Your email address will not be published. Required fields are marked *