දකුණේ තවත් වෙඩිල්ලක්… පාතාලයේ සෙල්ලමක් ද?

අම්බලන්තොට පොලිස් වසමේ කොග්ගල්ල ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට අද (31) අලුයම යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් ඇති බව වාර්තා වේ.

තුවාලකරු වයස අවුරුදු 30ක් වන කොග්ගල්ල, අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර වෙඩි වැදීමෙන් එම පුද්ගලයා තුවාල ලබා ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබේ.

දැනට සිදුකරන ලද විමර්ශනය අනුව කලක සිට තුවාලකරු වෙනත් පාර්ශවයක් සමඟ ඇතිව තිබූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටත්, වෙඩි තැබීම සඳහා මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් භාවිතා කර ඇති බවටත් අනාවරණය වී ඇත.

සැකකරුවන් හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.  

What's your reaction?

Related Posts

1 of 686

Leave A Reply

Your email address will not be published. Required fields are marked *