කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා අද (22) රාත්‍රී 11.30 දක්වා වලංගු වන පරිදි දරුණු අකුණු පිළිබඳ ඇම්බර් උපදෙස් නිවේදනයක් නිකුත් කර ඇත. මෙම නිවේදනයට අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට දරුණු අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇත. තවද, ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික, ප්‍රාදේශීය වශයෙන් තද සුළං ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇති අතර, මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අවශ්‍ය පූර්ව ආරක්ෂක විධිවිධාන අනුගමනය කරන ලෙසයි.
























