මෙම වසර තුළ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් නව නීති කිහිපයක් හඳුන්වා දීමටත්, පවතින නීති සංශෝධනය කිරීමටත් පියවර ගෙන ඇත. අදාළ ව්‍යවස්ථාපිත වෙනස්කම් සිදු කිරීම සඳහා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මේ වන විට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මෙහිදී විශේෂයෙන්ම දරුවන් ඉලක්ක කර ගනිමින් සිදුවන සයිබර් අපරාධ මැඩලීම සඳහා නව නීති හඳුන්වා දීම සහ එක්සත් ජාතීන්ගේ ළමා හිමිකම් ප්‍රඥප්තියට අනුකූලව නව ‘ළමා අයිතිවාසිකම් පනතක්’ බලාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.මීට අමතරව, 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත වෙනුවට නව නීතියක් ගෙන ඒමටත්, සුරැකුම් පියවරුන් (Foster care) සම්බන්ධයෙන් නව නීති කෙටුම්පත් කිරීමටත් කටයුතු යොදා තිබේ. තවද, 1939 අංක 48 දරන ළමුන් හා යොවුන් තරුණයින් පිළිබඳ ආඥාපනත, 1941 අංක 24 දරන දරුකමට හදා ගැනීමේ ආඥාපනත සහ 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනත සංශෝධනය කිරීමට ද රජය සැලසුම් කර ඇත.


























