දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට ජනපති අනුර කළ ඉල්ලීම

සාමාන්‍ය මහ ජනතාව වෙනුවෙන් විශේෂ දළදා ප්‍රදර්ශනයක් අප්‍රේල් මාසයේ සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසුවා.

ජනාධිපතිවරයා සඳහන් කළේ, ඒ පිළිබඳව මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් සමග සාකච්ඡා කළ බවත්, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා, මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහ දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මැදිහත්වීමෙන් ඊට අදාළ කටයුතු සූදානම් කිරීමට එකඟ වූ බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව පැවසුවේ, මහනුවර දළදා මාළිගාව වෙත ගොස් දළදා වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි.

ඒ අනුව, මහ ජනතාව වෙනුවෙන් දළදා ප්‍රදර්ශනයක් පැවැත්වෙන්නේ වසර 16කට පසුව බවට ද මාධ්‍ය වාර්තා පළ වුනා.

What's your reaction?

Related Posts

1 of 569

Leave A Reply

Your email address will not be published. Required fields are marked *