දැඩි රශ්මිය තවදුරටත්

දිවයිනේ ප්‍රදේශ රැසක පවතින වියළි සහ අධික උණුසුම් කාලගුණික තත්ත්වය ඉදිරි දිනවලදීත් එලෙසම පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් මධ්‍යම සහ සබරගමුව පළාත් ඇතුළුව ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි අතර, සෙසු බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් පවතින්නේ වියළි ස්වභාවයකි.​කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වල සහ දකුණු වෙරළබඩ දිස්ත්‍රික්කවල (ගාල්ල, මාතර) පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. ඇතැම් ස්ථානවලට පමණක් සීමා වන මෙම වර්ෂාපතනයත් සමඟ උණුසුම් දේශගුණයෙන් තාවකාලික සහනයක් ලැබිය හැකිය.​ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී ඇතිවිය හැකි ප්‍රබල අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ජනතාවට දැනුම් දෙනු ලැබේ. එබැවින් එළිමහන් කටයුතුවල නිරත වන විට අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ අංශ වැඩිදුරටත් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,072

Leave A Reply

Your email address will not be published. Required fields are marked *