ඊයේ (03) දින කේ.පී. චෞද්රි සියදිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කළේ ය.
ඔහු දමිළ චිත්‍රපටයක් වන රජිනිකාන්ත් රඟපෑ කබාලි චිත්‍රපටයේ තෙළිඟු අනුවාදයේ නිෂ්පාදක වේ.
44 හැවිරිදි ඔහු උතුරු ගෝවාහි සිය නිවසේ දී සියදිවි නසාගෙන ඇති බව සදහන් වේ.
ඔහුව 2023 ජුනි මත්ද්‍රව්‍ය නඩුවක් සම්බන්ධයෙන් සයිබරබාද් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේ වෙතත්, මෙම අත්අඩංගුවට ගැනීම සහ මූල්‍ය අර්බුදය හේතුවෙන් ආතතියට පත් වීම මෙම මරණයට හේතුව වෙන්න ඇති බව පොලීසිය සදහන් කරයි.


























