චණ්ඩ මාරුතයෙන් පීඩාවට පත් ජනතාව පුනරුත්ථාපනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සහය පළ කරමින්, සියඹලාපිටිය, යට්ටෝගොඩ සහ යටහලෙන රජමහා විහාරාධිපති, සාම විනිසුරු, මානව හිමිකම් ජාතික අධ්‍යක්ෂ පූජ්‍ය මාවිකන්දේ රතනපාල ස්වාමීන් වහන්සේ විසින් තමන් වහන්සේට සතු අක්කර දහයක පෞද්ගලික ඉඩමක් පරිත්‍යාග කර තිබේ. ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සියඹලාපිටිය ප්‍රදේශයේ පිහිටි මෙම ඉඩම නිල වශයෙන් භාරදීම ඊයේ (07) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු වූ අතර, එහිදී අදාළ ඔප්පු ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා වෙත භාර දෙන ලදී. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවාස හා දේපළ අහිමි වූ පවුල් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ වැඩසටහනක් රජය විසින් මේ වන විටත් ආරම්භ කර ඇති බව මෙහිදී ආචාර්ය කුමාරනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


























