දින 2ක් තුළ බීමත් රියැදුරන් 800කට නඩු.

දින 2ක් තුළ බීමත් රියැදුරන් 800 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, 13 සහ 14 දිනවල ක්‍රියාත්මක කළ මෙහෙයුම් වලදී ඔවුන් හඳුනා ගත් බවයි.

අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාව, නැවතත් කොළඹට පැමිණිම හේතුවෙන් මාර්ග වල වාහන සංඛ්‍යාව වැඩි විය හැකි බව ඔහු පෙන්වා දෙයි.

එබැවින්, අපරීක්ෂාකාරි ලෙස රිය ධාවනයෙන් වළකින්නැයි , පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 689

Leave A Reply

Your email address will not be published. Required fields are marked *