දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ අපරාධ මැඩලීමේ මෙහෙයුමෙන් පුද්ගලයින් 475ක් අත්අඩංගුවට

අපරාධ මැඩලීම අරමුණු කරගනිමින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද විශේෂ මෙහෙයුම් මාලාවක් යටතේ ඊයේ (01) දිනය තුළ පමණක් පුද්ගලයින් 25,848 දෙනෙකු පුළුල් පරික්ෂාවට ලක් කර තිබේ. එහිදී විවිධ අපරාධ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 475ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊට අමතරව සාමාන්‍ය වරෙන්තුකරුවන් 174 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 93 දෙනෙකුද නීතියේ රැහැනට හසු කර ගැනීමට ආරක්ෂක අංශ සමත්ව ඇත.​මෙම මෙහෙයුම් අතරතුර රථවාහන නීති උල්ලංඝනය කිරීම් සහ අනෙකුත් වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4,019 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබීම විශේෂත්වයකි. එම පිරිස අතරට බීමත්ව රිය පැදවූ රියදුරන් 55 දෙනෙකු සහ මාර්ග නීති නොතකා අපරික්ෂාකාරී ලෙස වාහන හැසිර වූ රියදුරන් 108 දෙනෙකු ද ඇතුළත් වන බව වාර්තා වේ.​මීට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මැඩලීමේ අරමුණින් වැටලීම් 707ක් සිදු කරමින් සැකකරුවන් 704 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 4 දෙනෙකු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇත. මෙම වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 307ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 407ක් සමඟ කුෂ්, හෂීෂ් සහ නීතිවිරෝධී මත්පෙති තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,266

Leave A Reply

Your email address will not be published. Required fields are marked *