දිවයින පුරා පොලිස් මෙහෙයුම් දැඩි වෙයි: ඊයේ දිනයේ පමණක් සැකකරුවන් රැසක් අත්අඩංගුවට

පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි දිවයින පුරා ක්‍රියාත්මක වන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම් මාලාව යටතේ ඊයේ (දෙසැම්බර් 27) දිනයේදී සැකකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි. සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි කොට්ඨාස මට්ටමින් මෙම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.​පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නවතම වාර්තාවට අනුව, ඊයේ දිනය තුළ පුද්ගලයින් 28,879 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, විවිධ සැකපිට පුද්ගලයින් 543 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදී අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 22 නෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 126 දෙනෙකු ඇතුළු වරෙන්තුකරුවන් 354 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇත.​මීට අමතරව මාර්ග විනය පවත්වාගෙන යාම සඳහා ක්‍රියාත්මක කළ මෙහෙයුම් වලදී බේබදු රියදුරන් 384 දෙනෙකු සහ නොසොල්කිලිමත් ලෙස රිය පැදවූ පුද්ගලයින් 42 නෙකු අත්අඩංගුවට ගෙන තිබේ. රථවාහන සම්බන්ධ අනෙකුත් වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4,506 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

What's your reaction?

Related Posts

1 of 916

Leave A Reply

Your email address will not be published. Required fields are marked *