දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් ඉහළ යෑමේ අපේක්ෂාවක්

​ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින අඩු-මට්ටමේ වායුගෝලීය කැළඹිලි තත්ත්වය හේතුවෙන්, අද දින සිට ඉදිරි දින කිහිපය තුළ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කෙරේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇත. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස් කාලයේ එනම් ප.ව. 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවීමට ඉඩ ඇති අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවීමට ඉඩ ඇත. උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට පැයට කිලෝමීටර 40 ක් පමණ වූ තරමක් තද සුළං ද අපේක්ෂා කළ හැක. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව ඇතිවිය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 859

Leave A Reply

Your email address will not be published. Required fields are marked *