දිවයින පුරා වැසි තත්ත්වයේ අඩුවීමක්!

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම නිවේදනයට අනුව, අද (ජනවාරි 15) සිට දිවයිනේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සාමකාමී කාලගුණික තත්ත්වයක් පවතිනු ඇත.​මුහුදු ප්‍රදේශ පිළිබඳ සැලකීමේදී, කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. සුළං දිශාව ඊසාන දෙසින් වන අතර එහි වේගය පැයට කිලෝමීටර 25-35ත් අතර අගයක පවතී. කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50 දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ මදක් රළු විය හැකි බව දන්වා සිටියි.

What's your reaction?

Related Posts

1 of 942

Leave A Reply

Your email address will not be published. Required fields are marked *