දිවයින පුරා සවස් කාලයේ තද වැසි

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ ප්‍රදේශ රැසකට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ සහ උතුරු මැද යන පළාත්වල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට පුරෝකථනය කර ඇත.​පවතින වර්ෂාපතන තත්ත්වය මත ඇතැම් ප්‍රදේශවලට සවස් කාලයේදී මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. මෙහිදී කුරුණෑගල දිස්ත්‍රික්කය ඇතුළුව බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති අතර, ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.​සවස් කාලයේ වැසි වලට අමතරව දිවයිනේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කළ හැක. විශේෂයෙන් අම්පාර, මඩකලපුව සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලට උදය වරුවේ වැසි ඇතිවිය හැකි අතර, කළුතර සිට ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වන මුහුදු කලාපවලද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව නිවේදනයේ සඳහන් වේ.

What's your reaction?

Related Posts

1 of 1,076

Leave A Reply

Your email address will not be published. Required fields are marked *