කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කාලගුණ අනතුරු ඇඟවීමක් නිකුත් කරමින්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට අනාවැකි පල කර තිබේ.මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ඉක්මවූ තරමක් තද වැසි ඇතිවීමට ඉඩ ඇත. සෙසු ප්‍රදේශවල ප.ව. 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, බස්නාහිර, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේද විටින් විට පැයට කිලෝමීටර් 40 – 50ක් දක්වා වූ තද සුළං ඇතිවිය හැක.ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වෝපායන ගන්නා ලෙස මහජනතාවට උපදෙස් දී ඇත.
 
 





















