දිවයින පුරා පවතින වියළි කාලගුණික තත්ත්වය හෙට (12) සිට වෙනස් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. අම්පාර, මඩකලපුව, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි වුවත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සාමකාමී කාලගුණික තත්ත්වයක් පවතිනු ඇත. කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ වයඹ යන පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බැවින් අවධානයෙන් පසුවන්න.


























