දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළට: යාපනය සහ පුත්තලම අවදානම් මට්ටමේ!

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) නිකුත් කළ නවතම දත්තවලට අනුව, පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමකට පත්ව ඇත. මීට පෙර යාපනය සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල වායු ගුණාත්මක දර්ශකය (AQI) පිළිවෙළින් 92 සහ 100 ලෙස සටහන් වෙමින් අහිතකර තත්ත්වයක් පෙන්නුම් කළේය. ඉදිරි පැය 24 සඳහා වන පුරෝකථනයන්ට අනුව දිවයින පුරා වායු ගුණාත්මක දර්ශකය 48 ත් 112 ත් අතර අගයක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. බොහෝ ප්‍රදේශවල මධ්‍යස්ථ වායු ගුණාත්මකභාවයක් පැවතියද, යාපනය (100–108) සහ පුත්තලම (104–112) යන ප්‍රදේශවල දර්ශකය ඉහළ අගයක පවතිනු ඇති බැවින් එම ප්‍රදේශ “තරමක් අහිතකර” (Slightly Unhealthy) ගණයට ඇතුළත් කර ඇත.​මේ අතර, වායු ගුණාත්මක දර්ශකය 46 ක් ලෙස සටහන් වූ මොණරාගල දිස්ත්‍රික්කයෙන් ඉතා යහපත් වායු ගුණාත්මකභාවයක් වාර්තා වේ. විශේෂයෙන්ම පෙරවරු 8:00–10:00 සහ පස්වරු 3:00–5:00 යන කාර්යබහුල වේලාවන් තුළ ඉහළම දූෂණ මට්ටම් අපේක්ෂා කළ හැකි බව නිවේදනය කර ඇත. මෙම වායු ගුණාත්මක දර්ශකය ප්‍රධාන වශයෙන් සකස් කර ඇත්තේ ආශ්වාස කිරීමේදී සෞඛ්‍ය අවදානම් ඇති කරන PM2.5 සියුම් අංශු මට්ටම් පදනම් කරගෙනය. එබැවින්, ඉහළ දර්ශක අගයන් වාර්තා වන ප්‍රදේශවල වෙසෙන සංවේදී පුද්ගලයින්ට (ශ්වසන අපහසුතා ඇති අය, ළමුන් සහ වැඩිහිටියන්) අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස උපදෙස් දෙනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 917

Leave A Reply

Your email address will not be published. Required fields are marked *