දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද සවස වැසි

අද (24) පස්වරු 02.00 න් පමණ පසු ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දකුණු පළාතේත්, රත්නපුර, මොණරාගල සහ කළුතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතිනු ඇත. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.​මේ අතර, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පැවති අඩු පීඩන කලාපය තවදුරටත් දුර්වල වෙමින් ඊසාන දෙසට ගමන් කරයි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි මෙන්ම පැයට කිලෝමීටර් 50-60 දක්වා වන තද සුළං ඇතිවිය හැකි බැවින් මුහුද රළු විය හැක. මේ පිළිබඳව නාවික හා ධීවර ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවිය යුතුය. විශේෂයෙන් ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී වැසි ඇතිවිය හැකි අතර, දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මධ්‍යස්ථාන මට්ටමක පවතිනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,025

Leave A Reply

Your email address will not be published. Required fields are marked *