මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම, අනුරාධපුරය සහ වවුනියාව යන දිස්ත්‍රික්කවලත් අද පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම උදෑසන කාලයේදී මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, කළුතර, ගම්පහ, කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.මුහුදු ප්‍රදේශ පිළිබඳව සැලකීමේදී, කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය, මඩකලපුව සහ හම්බන්තොට හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. සුළං ගිනිකොන දෙසින් හෝ විවිධ දිශාවලින් හමා එන අතර එහි වේගය පැයට කිලෝමීටර් 20-30 ක් පමණ වේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයක් ගත්තද, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව නිවේදනය කර ඇත.
























