දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද සවස් කාලයේ වැසි!

​අද දින දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණයක් පැවතියද, බස්නාහිර, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පමණ පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මීට අමතරව, උදෑසන කාලයේදී මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.​මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් ගත් කල, ත්‍රිකුණාමලයේ සිට මඩකලපුව සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන මුහුදු තීරයේ ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. සුළඟ ගිනිකොන දෙසින් හෝ වෙනස් වන දිශාවන්ගෙන් හමා එන අතර එහි වේගය පැයට කිලෝමීටර 20-30 ක් පමණ වේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයක් ගත්තද, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැක.

What's your reaction?

Related Posts

1 of 1,059

Leave A Reply

Your email address will not be published. Required fields are marked *