අද දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි බලාපොරොත්තු වන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. මීට අමතරව වයඹ පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පමණ පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40 ක පමණ තරමක තද සුළං බලාපොරොත්තු විය හැක. මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් සැළකීමේදී, ත්‍රිකුණාමලයේ සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි ඇතිවේ. හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.දිවයින වටා සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර් 30-40 ක් පමණ වේ. කොළඹ සිට පුත්තලම, කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශ මධ්‍යස්ථ ස්වභාවයක් ගනු ඇත. කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද ප්‍රහාරක සුළං සහ ඉතා රළු මුහුදු ස්වභාවයක් ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.

























