දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලට මෙන්ම කුරුණෑගල, පොලොන්නරුව, ත්‍රිකුණාමලය සහ මුලතිව් දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි බලාපොරොත්තු විය හැක.​මීට අමතරව බස්නාහිර සහ උතුරු පළාත්වලත්, ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළබඩ තීරයේත් උදෑසන කාලයේදී වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල අළුයම් කාලයේදී මීදුම් සහිත කාලගුණ තත්ත්වයක් ද නිරීක්ෂණය විය හැක.​ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,385

Leave A Reply

Your email address will not be published. Required fields are marked *