දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි: මුහුද රළු විය හැකියි

අද දිනයේ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට වැසි අපේක්ෂා කරන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලට මෙන්ම පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. මීට අමතරව, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු පළාතේත්, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.​මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් සැළකීමේදී, මන්නාරම සිට කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. කළුතර සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සුළං ඊසාන දෙසින් හමන අතර එහි වේගය පැයට කිලෝමීටර් 30-40 ක් පමණ වනු ඇත. කොළඹ සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 45-50 දක්වා වැඩිවිය හැකි බැවින් එම ප්‍රදේශ රළු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශ මධ්‍යස්ථ ස්වභාවයක් ගනු ඇත.

What's your reaction?

Related Posts

1 of 943

Leave A Reply

Your email address will not be published. Required fields are marked *