පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාවේ බොහෝ නගරවල වායු ගුණාත්මකභාවය තරමක් අහිතකර මට්ටමකට පැමිණ ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) නිවේදනය කරයි. නුවරඑළිය, රත්නපුර, ඇඹිලිපිටිය, ත්‍රිකුණාමලය, මුලතිව්, මඩකලපුව, කළුතර සහ හම්බන්තොට යන ප්‍රදේශවල වායුගෝලයේ ගුණාත්මකභාවය දැනට මධ්‍යස්ථ මට්ටමක පවතින බව එම සංවිධානය පෙන්වා දෙයි. ඉදිරි පැය 24 තුළ වායු ගුණාත්මක දර්ශකය 56 ත් 120 ත් අතර අගයක පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, මෙයින් කියවෙන්නේ බොහෝ නගරවල වායු තත්ත්වය මධ්‍යස්ථ මට්ටමක පවතින බවයි. කෙසේ වෙතත් මහනුවර, කෑගල්ල, ගාල්ල, පුත්තලම, පොළොන්නරුව, අනුරාධපුර සහ මොනරාගල යන නගරවල වායුගෝලය තරමක් අහිතකර මට්ටමක පවතින බව සඳහන් වේ.විශේෂයෙන්ම පෙවරු 8.00 සිට 9.00 දක්වාත්, පස්වරු 4.00 සිට 5.00 දක්වාත් වායු දූෂණ මට්ටම උපරිම අගයක් ගන්නා බව NBRO ආයතනය පවසයි. මේ හේතුවෙන් හැකි සෑම අවස්ථාවකම මුහුණු ආවරණ (face masks) භාවිතා කරන ලෙසත්, ස්වසන අපහසුතා ඇති සංවේදී පුද්ගලයන් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවටත් මහජනතාවට දැනුම් දී ඇත.


























