දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි සහ අකුණු අනතුරු!

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. විශේෂයෙන් උතුරු පළාතේත්, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. ඌව සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, එම ප්‍රදේශවලද ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි ඇති විය හැක.​මීට අමතරව, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 998

Leave A Reply

Your email address will not be published. Required fields are marked *