අද (04) පස්වරුවේ සිට දිවයිනේ පළාත් කිහිපයකට ප්‍රබල අකුණු සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. දහවල් 12.00ට ප්‍රකාශයට පත් කරන ලද මෙම හදිසි අවවාදාත්මක නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.විශේෂයෙන්ම මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ, නැගෙනහිර සහ උතුරු මැද යන පළාත්වලට මෙන්ම වව්නියාව සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලට මෙම කාලගුණික තත්ත්වය තදින්ම බලපානු ඇත. සවස 1.00න් පසුව ආරම්භ වන වැසි සමඟ තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බැවින්, ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා එළිමහන් ස්ථානවල රැඳී සිටීමෙන් වැළකී ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් උපදෙස් ලබා දෙයි. විදුලි උපකරණ භාවිතයේදී සහ ගස් යට රැඳී සිටීමේදී විශේෂයෙන් සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ.




















