දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහ තද සුළං

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලටත්, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවන අතර, ඌව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම හම්බන්තොට, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කෙරේ. උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද වැසි වාර කිහිපයක් ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.​මීට අමතරව, උතුරු සහ වයඹ පළාත්වලත්, මාතලේ, ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 30-40 ක පමණ තරමක තද සුළං බලාපොරොත්තු විය හැක. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බැවින්, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 1,004

Leave A Reply

Your email address will not be published. Required fields are marked *