දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි සහ තද සුළං!

පවතින ප්‍රබල නැගෙනහිර තරංගයේ (Easterly wave) බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති වන අතර නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැක. උතුරු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. එම ප්‍රදේශවල ද ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි ප්‍රමාණවත් තරම් තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.​මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40-50 ක පමණ තද සුළං බලාපොරොත්තු විය හැක. මුහුදු ප්‍රදේශ පිළිබඳ සැලකීමේදී මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි ඇති වන අතර සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.​සුළඟ ඊසාන දෙසින් හමා එන අතර එහි වේගය පැයට කිලෝමීටර් 30-40 ක් පමණ වේ. කෙසේ වෙතත්, කොළඹ සිට පුත්තලම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, පොතුවිල් සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-55 දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද ප්‍රහාරක සුළං සහ ඉතා රළු මුහුදු ස්වභාවයක් බලාපොරොත්තු විය හැකි බැවින් අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 894

Leave A Reply

Your email address will not be published. Required fields are marked *