දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහ තද සුළං

දිවයිනේ උතුරු, නැගෙනහිර, ඌව පළාත්වලට සහ මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලට අද දිනය පුරා වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන අතර, මහනුවර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලට ද වැසි වාර කිහිපයක් ඇති විය හැක. සබරගමුව, දකුණු පළාත සහ කළුතර දිස්ත්‍රික්කයේ පස්වරු 2:00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.​මීට අමතරව, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, හම්බන්තොට, මොණරාගල සහ අම්පාර දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40 ක පමණ වේගවත් සුළං ඇති විය හැක. උදෑසන කාලයේදී සබරගමුව, මධ්‍යම පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල මීදුම් සහිත තත්ත්වයක් පවතිනු ඇත. මුහුදු ප්‍රදේශවල ද රළු ස්වභාවයක් අපේක්ෂා කරන අතර, ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු පිළිබඳව අවධානයෙන් සිටින ලෙස මහජනතාවට දැනුම් දී තිබේ.

What's your reaction?

Related Posts

1 of 918

Leave A Reply

Your email address will not be published. Required fields are marked *