දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි: මුහුද රළු විය හැක

​අද දිනයේ උතුරු, නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද, වයඹ සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මුහුදු ප්‍රදේශ පිළිබඳ සැලකීමේදී, කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි ඇති විය හැකි අතර, දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ද ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.​සුළඟ උතුරු හෝ ඊසාන දෙසින් හමා එන අතර එහි වේගය පැයට කිලෝමීටර් 30-40 ක් පමණ වේ. කෙසේ වෙතත්, පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 45 දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශ මධ්‍යස්ථාන ස්වභාවයක් ගනු ඇත. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 920

Leave A Reply

Your email address will not be published. Required fields are marked *