කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනයන්ට අනුව, දිවයිනේ දැනට පවතින වියළි කාලගුණ තත්ත්වය එළඹෙන ජනවාරි 23 වන සිකුරාදා සිට වෙනස් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතිනු ඇත. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල අලුයම කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් (Ground Frost) ඇතිවීමේ හැකියාවක් පවතී. මීට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සාමකාමී කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත. සුළඟ උතුරු-නැගෙනහිර හෝ උතුරු දෙසින් හමා එන අතර එහි වේගය පැයට කිලෝමීටර 25-35ත් අතර වේ. මන්නාරම සිට කොළඹ හරහා ගාල්ල දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 45 දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතිනු ඇත.


























