දිස්ත්‍රික්ක 15 කට දැඩි උණුසුම ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බැවින්, ඒ පිළිබඳව අවදානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. හෙට (මාර්තු 17) දිනය සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇති මෙම නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, උතුරු-මැද සහ වයඹ යන පළාත්වලට මෙන්ම මොනරාගල, මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්ක ඇතුළුව සමස්තයක් ලෙස දිස්ත්‍රික්ක 15 ක් සඳහා ‘අවධානය’ (Caution) මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.​මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් තාප දර්ශකය (Heat Index) මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලදී ඉහළ යා හැකි බැවින් ජනතාව දැඩි ලෙස සැලකිලිමත් විය යුතුය. අධික උණුසුම සහිත කාලගුණයට දිගු වේලාවක් නිරාවරණය වීමෙන් හෝ එවැනි වටපිටාවක වෙහෙසකාරී කටයුතුවල නිරත වීමෙන් අධික විඩාව මෙන්ම මාංශ පේශි පෙරළීම (Heat Cramps) වැනි රෝගී තත්ත්වයන් ඇති විය හැකි බවට ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනතුරු අඟවයි.

What's your reaction?

Related Posts

1 of 1,052

Leave A Reply

Your email address will not be published. Required fields are marked *