දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නායයෑම් රතු නිවේදන

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) දැනුම් දෙන්නේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 04ක් සඳහා නායයෑම් සම්බන්ධයෙන් තවදුරටත් රතු නිවේදන නිකුත් කර ඇති බවයි. මෙම නිවේදන මගින් අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන්ට වහාම අවදානම් කලාපවලින් ඉවත් වන ලෙසට උපදෙස් දී ඇත.​ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, තුම්පනේ, මැදදුම්බර, අකුරණ, කුණ්ඩසාලේ, උඩුනුවර, දොළුව, උඩුදුම්බර, පාතහේවාහැට, හාරිස්පත්තුව, මිනිපේ, ගඟවට කෝරළය, පස්බාගේ කෝරළය, පන්විල, හතරලියද්ද, යටිනුවර, පාතදුම්බර, දෙල්තොට, පූජාපිටිය සහ උඩපළාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු නිවේදන බලපැවැත්වේ.​මීට අමතරව, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල, අරණායක, ගලිගමුව, රඹුක්කන, බුලත්කොහුපිටිය, යටියන්තොට, මාවනැල්ල සහ කෑගල්ල යන කොට්ඨාස සඳහාද රතු නිවේදන නිකුත් කර ඇත. එමෙන්ම, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, නාරම්මල, පොල්ගහවෙල, මල්ලවපිටිය, අලව්ව සහ මාවතගම යන කොට්ඨාස ද මෙම නායයෑමේ අවදානමට ලක්ව තිබේ.​තවදුරටත්, අවදානම හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත, මාතලේ, අඹන්ගඟ කෝරළය, පල්ලේපොල, ලග්ගල පල්ලේගම, රත්තොට, නාඋල, උකුවෙල සහ විල්ගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචිකරුවන්ට ද වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙසට උපදෙස් දී ඇත.

What's your reaction?

Related Posts

1 of 891

Leave A Reply

Your email address will not be published. Required fields are marked *