දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්: නිලධාරීන්ගෙන් ජනතාවට අවධානයෙන් සිටින ලෙස උපදෙස්

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික්ක දෙකක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන ඇත. මෙම අනතුරු ඇඟවීම අද (පෙබරවාරි 20) පෙරවරු 8:00 සිට හෙට පෙරවරු 8:00 දක්වා බලපැවැත්වෙන බව එම සංවිධානය සඳහන් කරයි. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහීන්න සහ වළපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචි ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවට උපදෙස් දී තිබේ.​මීට අමතරව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට සහ හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල සහ කන්දෙකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වැසියන්ට ද විමසිලිමත්ව පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් දැනුම් දෙයි. නායයෑමේ ලක්ෂණ හෝ පොළොවේ පැලීම් වැනි අසාමාන්‍ය තත්ත්වයන් නිරීක්ෂණය වුවහොත් වහාම ආරක්ෂිත පියවර ගන්නා ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,035

Leave A Reply

Your email address will not be published. Required fields are marked *