දීපාවලී උත්සවයට දිනක් ඉතිරිව තිබියදී ඉන්දියාවේ නවදිල්ලි නුවර වායු දූෂණය ඉතා අයහපත් මට්ටමට ළගා වී තිබෙනවා. අද උදෑසන ඝන දූවිලි වලාවකින් නවදිල්ලි අහස වැසී තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. මේ වන විට නගරයේ වායු තත්ත්ව දර්ශකය 350ක් දක්වා ඉහළ ගොස් ඇති බව සදහන්. දීපාවලි උත්සවය වෙනුවෙන් රතිඤ්ඤා දැල්වීම සහ වෙනත් ක්‍රියාකාරම් හේතුවෙන් වායු දූෂණය තවත් ඉහළ යා හැකි බව ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළා.