දුම්බර බන්ධනාගාර නියාමකවරයෙකු අයිස් මත් ද්‍රව්‍ය සමග අත්අඩංගුවට…

දුම්බර බන්ධනාගාරයේ බන්ධනාගාර රෝහල තුල දිවා සේවා රාජකාරී නියුතු නිළධාරීයෙකු සම්බන්ධයෙන් ලද තොරතුරු මත දුම්බර බන්ධනාගාර නිළධාරීන් විසින් 2025.01.19 දින (අද) පෙ.ව. 10.30 පමණ හදිසි සෝදිසි කිරීමක් සිදු කර ඇත.

එහිදී දුම්බර බන්ධනාගාර රෝහලේ දිවා සේවා රාජකාරී සිදු කළ නියාමකවරයෙකුගේ තම රාජකාරී හිසු වැස්ම තුළ සූක්ෂම අයුරින් සඟවා අයිස් යැයි සැක කළ හැකි මත්ද්‍රව්‍ය ග්රෑම් 05 මිලිග්රෑම් 28ක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය හා අදාල නිළධාරියා ඉදිරි නීතීමය කටයුතු සදහා පල්ලේකැලේ පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් දුම්බර බන්ධනාගාරය මගින් විමර්ශණ කටයුතු ආරම්භ කර ඇත.

ගාමිණී බී. දිසානායක
බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක)

What's your reaction?

Related Posts

1 of 769

Leave A Reply

Your email address will not be published. Required fields are marked *