අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (22) දහවල් 12.00 වන තෙක් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.ඒ අනුව, අද රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ තැපැල් දුම්රියද ධාවනය නොවන බව වාර්තා වේ.කොළඹ සිට ධාවනය වන දුම්රිය රඹුක්කන දක්වාද, බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රිය පේරාදෙණිය දක්වාද සීමා කර ඇත.