දෙසැම්බර් 25 වැනිදා සිට කොළඹින් බැහැර දුම්රිය ස්ථාන කිහිපයකදී ප්‍රවේශපත්‍ර සඳහා ගෙවූ මුදල් ආපසු ලබා ගැනීමේ පහසුකම් ව්‍යාප්ත කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය. මෙතෙක් මෙම පහසුකම කොළඹ කොටුව සහ මරදාන යන දුම්රිය ස්ථානවලට පමණක් සීමා වී තිබුණද, එළඹෙන 25 වැනිදා සිට බදුල්ල, ඇල්ල, බණ්ඩාරවෙල, හපුතලේ, නානුඔය සහ හැටන් යන දුම්රිය ස්ථානවලින්ද මෙම සේවාව ලබා ගත හැක. මීට අමතරව, අනුරාධපුරය, යාපනය සහ මඩකලපුව යන ස්ථානවල නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරෙන අතර, ලබන ජනවාරි මාසයේ සිට මහනුවර දුම්රිය ස්ථානය ද මෙම ලැයිස්තුවට ඇතුළත් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

























