නවක රියදුරන් සඳහා පැවති රැස්වීමකදී යුද හමුදා නිලධාරීන්ට දුම්රිය රියදුරු පුහුණුව ලබාදීමට ගෙන ආ යෝජනාවට පවතින රියදුරන් දැඩි විරෝධය පළ කිරීමත් සමඟ මෙම තීරණය ගෙන ඇත. ප්‍රවාහන අමාත්‍යාංශය සමඟ පැවති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වීම හේතුවෙන් ලොකොමොටිව් ඉංජිනේරුවන්ගේ විධායක කමිටුව අද සවස රැස්වී තීරණය කර ඇත්තේ අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය සේවාවන්ගෙන් ඉවත් වීමටයි.


























