රට පුරා පවතින අයහපත් කාලගුණික සහ ආපදා තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වීම සහ ගමන් වාර සීමා කිරීමට සිදු වීම සැලකිල්ලට ගනිමින් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ තීරණයක් ගෙන තිබේ. දුම්රිය ගමනාගමනයේ ඇති වූ අපහසුතා හේතුවෙන් මගීන් සීමිත ප්‍රමාණයක් පමණක් වාර ප්‍රවේශපත්‍ර මිලදී ගෙන ඇති බව නිරීක්ෂණය වී ඇති බැවින්, මගී ජනතාවට සහන සැලසීම මෙහි අරමුණයි.ඒ අනුව, 2025 නොවැම්බර් මාසයට වලංගු මාසික සහ ත්‍රෛමාසික වාර ප්‍රවේශපත්‍රවල වලංගු කාලසීමාව 2025 දෙසැම්බර් මස 07 වන දින දක්වා දීර්ඝ කර ඇත. මෙම දීර්ඝ කිරීම තුළින් නොවැම්බර් මාසයේ වාර ප්‍රවේශපත්‍ර මිලදී ගත් මගීන්ට අමතර දින කිහිපයක් සඳහා එම ප්‍රවේශපත්‍ර භාවිතා කිරීමට අවස්ථාව සැලසේ.කෙසේ වෙතත්, දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම කාලය දීර්ඝ කිරීම සති වාර ප්‍රවේශපත්‍ර සඳහා අදාළ නොවන බවයි. මෙම තීරණයට අනුව, මාසික හෝ ත්‍රෛමාසික වාර ප්‍රවේශපත්‍ර හිමියන්ට පමණක් දෙසැම්බර් 7 වන දින දක්වා එම ප්‍රවේශපත්‍ර භාවිතා කළ හැකි වනු ඇත.


























