දුම්වැටි වැටලීම

තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද විදේශීය රටක නිෂ්පාදිත විවිධ වර්ගයේ නීති විරෝධී දුම්වැටි 1180ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටි පුද්ගලයෙකු වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබේ.

යුක්තිය මෙහෙයුමට අදාලව විශේෂ කාර්ය බලකාය අම්බලන්තොට කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (09) දින අම්බලන්තොට පොලිස් වසමේ අම්බලන්තොට නගරය තුළ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී විදේශීය රටක සිට තීරුබදු රහිතව ඉතා සූක්ෂම ලෙස මෙරටට ගෙන්වන ලද නීති විරෝධී දුම්වැටි ජාවාරමේ යෙදුණු අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක පුද්ගලයෙකු රුපියල් 150,000.00 කට ආසන්න වටිනාකමක් ඇති මැන්චෙස්ටර් දුම්වැටි 200 ක්, ආගෝස් දුම්වැටි 440 ක් හා ප්ලැටිනම් සෙවන් වර්ගයේ දුම්වැටි 540 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්බලන්තොට පොලිස් ස්ථානය වෙත භාර දී ඇත

What's your reaction?

Related Posts

1 of 1,133

Leave A Reply

Your email address will not be published. Required fields are marked *