උපාධිධාරී ගුරු පත්වීම් සඳහා පාසල් මනාප පළ කිරීමේ මාර්ගගත පද්ධතිය විවෘත කෙරේ

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අදාළ පාසල් මනාප පළ කිරීමේ මාර්ගගත පද්ධතිය අද (17) සිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට බඳවා ගැනීමේ ක්‍රියාවලිය යටතේ අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ ඇති ‘Teacher Recruitment Application System’ හරහා අයදුම්කරුවන්ට සිය මනාපය ලබා දිය හැකිය.​පද්ධතියට පිවිසීම සඳහා සම්මුඛ පරීක්ෂණ කැඳවීමේ ලිපිය සමඟ ලැබී ඇති එක්වරක් පමණක් භාවිත කළ හැකි OTP අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විභාග අංකය ඇතුළත් කිරීම අනිවාර්ය වේ. තැපැල් මඟින් කැඳවීමේ ලිපිය මෙතෙක් නොලැබුණු අයදුම්කරුවන්ට එම ලිපිය ලැබෙන තෙක් පද්ධතියට ප්‍රවේශ විය නොහැකි නමුත්, ලිපි ප්‍රමාද වීම පිළිබඳව අනියත බියක් ඇති කර නොගන්නා ලෙස අමාත්‍යාංශය දැනුම් දෙයි.​සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන දිනය දක්වාම මාර්ගගත පද්ධතිය විවෘතව පවතින අතර, එදින වන විටත් තැපෑලෙන් ලිපිය නොලැබුණු අයදුම්කරුවන් වෙත සම්මුඛ පරීක්ෂණ දිනයේදී පාසල් මනාප පළ කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට ද අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,427

Leave A Reply

Your email address will not be published. Required fields are marked *