දූෂණ විමර්ශන නිලධාරියෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙක් පොළොන්නරුවේදී අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) නිලධාරියෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු ඊයේ (22) පොළොන්නරුවේදී අත්අඩංගුවට ගෙන ඇත.​කොමිෂන් සභාවට අනුව, මෙම සැකකරු පොළොන්නරුවේ පෞද්ගලික සමාගමක සමූහ GPS නිරීක්ෂණ කළමනාකරුවෙකු වන අතර, කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.​කොමිෂන් සභාවට ලද රහසිගත තොරතුරක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.​සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ, නිල CIABOC හැඳුනුම්පතකට සමාන ව්‍යාජ හැඳුනුම්පතක් සකස් කර, කොමිෂන් සභාවේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් රාජකාරී ඉටු කරන රජයේ නිලධාරීන්ට බලපෑම් කිරීමට එය භාවිතා කිරීම සම්බන්ධයෙනි.​සැකකරු අද (23) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.​මේ අතර, අල්ලස් කොමිසම මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කොමිෂන් සභාවේ හැඳුනුම්පත් ව්‍යාජ ලෙස ඉදිරිපත් කරන හෝ එහි නිලධාරීන් ලෙස පෙනී සිටින ඕනෑම පුද්ගලයෙකු පිළිබඳව වහාම 1954 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ දැනුම් දෙන ලෙසයි.

What's your reaction?

Related Posts

1 of 826

Leave A Reply

Your email address will not be published. Required fields are marked *