දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

දෙහිවල සිරිසංගබෝ මාවතේ නිවසක් ඉලක්ක කර එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට ආධාර සහ අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (25) අත්අඩංගුවට ගෙන ඇත.​සැප්තැම්බර් 11 වන දින සිදු වූ මෙම අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය විමර්ශන පවත්වන අතර, මීට පෙර ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙක් සැප්තැම්බර් 17 වන දින අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි. ඔවුන්ගෙන් ලද තොරතුරු මත සිදු කළ වැඩිදුර පරීක්ෂණවලදී, පිළියන්දල සහ කහතුඩුව ප්‍රදේශවල පදිංචි 30 සහ 31 හැවිරිදි මෙම නව සැකකරුවන් දෙදෙනා දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව ‘අයිස්’ ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 960ක් සහ අපරාධය සඳහා භාවිතා කළ බවට සැක කෙරෙන ත්‍රීරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,349

Leave A Reply

Your email address will not be published. Required fields are marked *