දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට කමිටුවක් පත් කිරීම අදාළ යෝජනාව ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවට – කථානායක

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමේ යෝජනාව ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රරත්න මහතා අද (02) පක්ෂ නායකයින්ට දැනුම් දුන්නේය.

කථානායකවරයා ඒ බව දැනුම් දී ඇත්තේ අද පෙරවරුවේ රැස්වූ පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාවේදීය.

දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සනින් පසුගියදා  කථානායකවරයාට භාර දුන්නේ ය.

What's your reaction?

Related Posts

1 of 667

Leave A Reply

Your email address will not be published. Required fields are marked *